මේ දවස් වල
උදේට green tea
ඔව් හදවත බර වැඩියිලු...
දොස්තර තමයි කියන්නේ
හිත හෙල්ලෙන තරමට xanax
බිංන්දු ගණන අඩු වැඩි කර කර
ඒවා හරි භයානකයිලු බුරු බබෝ...
උදේට green tea
ඔව් හදවත බර වැඩියිලු...
දොස්තර තමයි කියන්නේ
හිත හෙල්ලෙන තරමට xanax
බිංන්දු ගණන අඩු වැඩි කර කර
ඒවා හරි භයානකයිලු බුරු බබෝ...
ආයේ කැම වෙලාවට කෝ කන්න මට වෙලාවක්එහෙන් clientලා
මෙහෙන් ආදරේ කරන ප්‍රේමවන්තයෝ
ඒ අය එහෙන් මෙහෙන් එබිලා මගේ ජීවිතේ අවුල් කරනකොට එකින් එක කෝෆි වැඩි වෙනවා....
දොස්තර කිව්වට හිත අහයිද කෝපි ඕනෙවට වඩා ඕනෙම නෑ කියලා....
ආයෙ හවසට හීනෙන් වගේ කකුල්,
බීම හල් සොඳුරු කතා එක්ක
මල් වලට පැණි වගේ
වයින් වලට එකක් දෙකක් ගණන් නොකරන තරමට
මගේ ජීවිතේ දියවෙනකොට....
හැමොම ඔයාට පිස්සුද කෝ අර බුද්දිමත් රංගි කියලා අහද්දි
මට උත්තර නැති වෙනවා....
බීම හල් සොඳුරු කතා එක්ක
මල් වලට පැණි වගේ
වයින් වලට එකක් දෙකක් ගණන් නොකරන තරමට
මගේ ජීවිතේ දියවෙනකොට....
හැමොම ඔයාට පිස්සුද කෝ අර බුද්දිමත් රංගි කියලා අහද්දි
මට උත්තර නැති වෙනවා....
ආයේ ප්‍රේමවන්තයන්ගේ ලෙන්ගතුකම් අස්සේ ඒ ආදරේ මම නොසොයන හින්දාමද කොහෙද
මට නොලැබෙන ආදරවන්තයෝ පස්සෙන් යනවා...
මට නොලැබෙන ආදරවන්තයෝ පස්සෙන් යනවා...
ඔව් අපිට ආදරෙ කරන උන්ට අපි ආදරේ නෑ..
උන් අපි ළඟ වැන්ද වැටුනත් අපිට අගයක් නැ
ඒක තමයි ආදරේ....
උන් අපි ළඟ වැන්ද වැටුනත් අපිට අගයක් නැ
ඒක තමයි ආදරේ....
සමහර වෙලාවට ඇඳේ එහා පැත්තේ
කවුද කියන්නවත් මතක නැති වෙන තරමට සිහි විකල් වුනාම මම ආදරෙයි කියනවා....
කවුද කියන්නවත් මතක නැති වෙන තරමට සිහි විකල් වුනාම මම ආදරෙයි කියනවා....
ඒත් ජීවිතේ කියන්නේ මේකද?
මේ තරම් නම් මම බිම වැටුනේ කොහොමද?
මේ තරම් නම් මම බිම වැටුනේ කොහොමද?
ලැජ්ජයි බුරු බබෝ... කවුරුත් ඒක කියන්න කලින් මටම ලැජ්ජයි
මේ තරම් මෝඩද මම?
මේ තරම් මෝඩද මම?
හීනි හීනි මල් පාට හීන වලට
මත් වෙලා වැලපිලා මාව දිය කරන්න පුළුවන් කියලා නම් මම දැන් දන්නවා...
අනේ බොහොම පිං ඒකවත් ඉතිරි කරාට ....
මත් වෙලා වැලපිලා මාව දිය කරන්න පුළුවන් කියලා නම් මම දැන් දන්නවා...
අනේ බොහොම පිං ඒකවත් ඉතිරි කරාට ....
No comments:
Post a Comment