Monday, October 19, 2015

අන්තිම ම තණකොළ ගහත් බදාගැනීම.... ! ආදරේ නම්....

                         
                    ආදරේ කියන්නේ වේදනාවක් විතරමයි කියලා දැනගෙනම ඒ පස්සේ යන කූඹියෙක් වෙන එක  කොයි තරම් විහිළුවක්ද?
 

      ආදරේ කියන්නේ අපේ කරගන්න අයිතිවාසිකම් කියන ආදරේ විතරක් නෙමෙයි තව බොහෝ දේ.... මගේ ආදරය හරිම වෙනස්. මට  මගේ කියන සීමාවෙන් එහෙම ආදරයක් ගැන ආත්මාර්ථකාමි ආදරයක් තිබ්බේ වසර ගණනකට එහා....

 

     ඒ මනුස්සයා එක්ක මම ජීවිතේ ඉගෙන ගත්තා. ඒ මනුස්සයා මාව, මට ජීවිතය දීලා ඇත් වෙනකම් මම බලාගෙන හිටියා. කොටින්ම වෙන ගැණුන්ට පෙම් කරද්දි පවා මම ඒවා ඉවසගෙන හිටියා. හ්ම් කිව්වේ නෑ. මගේ යාළුවෝ මට හිනා වුනා. මම බෝධි සත්ත්ව කියලා. ඒත් මට අනුව ඒ මගේ ආදරයේ සීමාවන්.
දැන් මට මහන්සියි. ඔව් හොඳටම මහන්සියි.

   පස්සේ කාලෙක මට ඒ මනුස්සයා ඇවිත් ඇහුවේ "ඔයා මම ගැන පොඩ්ඩක්වත් හිතුවේ නෑ මම ඔයාගෙන් ඈත් වෙලා බල්ලෙක් වගේ දුක්විඳිනවා දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ කියලා...."

 මට කියන්න වචන තිබුනේ නෑ.

       මම එයාට පේන්න ලෝකෙට පේන්න අඬන්න නැතිව ඇති. ඒත් අදටත් මම අඬනවා. අදටත් මම මගේ ජීවිතේට කවුරුත් ලංකරගන්නේ නෑ ඒ වගේ බැදීමකට.

  ( ඒත් අපි දෙන්නම කොන් දෙකක දෙවිදියකට දුක් වින්දා කියලා මම දන්නවා. ලෝකේ කොහේ හරි ඈතක ඔයා සතුට හොයාගන්නකම් මම බලා හිටියා. ඒක ඔයා උවමනාවෙන් නැති කරගනිද්දි මම හිමීට මග ඇරලා ගියා. මට නැති වුනාට ඔයා එහෙම වෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි. ඒක ගැන මේ මොහොතේත් මම පසුතැවෙනවා. මම ඔයාව බේරගත්තේ නෑ වගේ හැඟීමකින්.)

   ඒත් ඔයා පොඩි බබෙක් නෙමෙයිනේ.

 ආයේ මම හිත හදාගන්නවා. ඒත් දැන් මට මහන්සියි වයසයි. ඉස්සර වගේ බැඳීම් වලට හොටු පෙරාගෙන අඬන්න මට බෑ. ලෝකේ ඉස්සරහා මවා ගත්ත හිනාවක්, වැදගත්කමක් මට තියෙනවා. මගෙ ආරස්සාවට, මම ජීවත්වෙන සමාජයට ඕනේ ඒක මිසක් මගේ කඳුළු නෙමෙයි.

එහෙම මගේ ආදරේ වෙනුවෙන් කැපවීම් කරපු මට මේ වගේ පොඩි බැඳීමක්  දරාගන්න බැරි නම් ඒ මම වෙන්න පුළුවන්ද?

 කොහෙත්ම නෑ....  මට එහෙම වෙන්න උවමනාවක්වත් නෑ.


      බුරු බබාට ඊට එහා ලෝකයක් තියෙනවා. කාගෙන්වත් කිසිම උදව්වක් නැතිව ආපු මේ ගමන මෙතනින් අඬලා නතර කරන්න ලැස්ති වෙන්න පුළුවන්ද?

       මීට වඩා ලෝකයක් මට තියෙනවා. ඒ ලෝකේ මට වඩා දුක් විඳින මිනිසුන් ඉන්නවා. මට කිසිම අගයක් නැති මගේ ජීවිතෙන් පිහිට වෙන්න පුළුවන් ජීවිත අනන්ත තියෙනවා....

 ඔව් අපේ අම්මගේ හීනේ....

මම ඒක කරන්නම ඕනේ.... !!!


1 comment:

ηiRσ said...

අලි බබාලා බලාගන්න එක තරම් එපා කරපු දෙයක් නෑ!
ලොකු දෙයක් බූරු බබා ලියන්න ගත්ත එක නම් ...