අද හදිස්සියකට මම යාළුවෙක්ගේ ගෙදරට කෝල් එකක් ගත්තා. එයාගේ මොබයිල් එකත් ඕෆ් නිසා එයා අද ගෙදරත් කීව නිසා මම ගෙදරට කතා කලේ.
එහා පැත්තේ ෆෝන් එකෙන් ආවේ පිරිමි කටහඬක්. එහෙම එහෙන් කතා කරන්නේ මගේ යාළුවගේ තාත්තා විතරක් නිසා මම සුපුරුදු විදිහටම අන්කල් කියලා මගේ යාළුවා ගෙදරද කියලා ඇහුවා. එහා පැත්තෙන් බොහෝම විනීත විදියට එයා ගෙදර නැති බවත් කවුද මේ ඇහුවාම මගේ නම කියලා ෆෝන් එක කට් කලා. මේ කටහඬ මට හොඳට හුරු පුරුදු බවක් නම් මට දැනුනා. කොහොමත් බොහෝ දේවල් එක්ක දීර්ගකාලින මතකයක් තියෙන කෙනෙක් මම.
එවෙලේ අහවලා තමයි කතා කලේ කියලා හිතලා සුපුරුදු විදියට මගේ වැඩ කරගෙන හිටියා. ටිකකින් මගේ යහළුවාගෙන් ආව කෝල් එකට උත්තර දෙන ගමන් කවුද කලින් කතා කලේ ඇහුවම එයා කියපු ලොකු දිග විස්තරයත් එක්ක මට හිනාවක් ගියා. අපි අපේ යාළුවන්ව නිදහස් කරන්න ඕන තරම් දේවල් කරනවානේ. ඒ වුනාට ඉතින් මම කවුද කියලා දන්න කෙනෙක් කියලා මම එයා ගැන හිතන නිසා එයාට එහෙම මට බොරුවක් කියන්න උවමනා වෙන්නේ නෑ. ඒත් ඇත්තෙන්ම එහෙම වුනා. ඒක ගැන හිතුවම හරියට තමන් ආදරයෙන්ම සලකන කෙනෙක්ගේ එහෙම වචන ටිකක් (කිසිම තේරුමක් නැති බොරුවක් ) ඇහුවම දුක හිතෙනවා වැඩියි. කොටින්ම මගේ යහළුවාගේ යාළුකම් එක්ක මට ප්‍රශ්න නෑ. ඒකත් එයා හොඳින්ම දන්නවා කියා මා මෙතුවක් හිතා හිටියේ.
අර ෆෝන් එකෙන් කතා කරපු කෙනා මගේ ජීවිතේට ඇතුල් වුනේ අහම්බෙන්. ඒ වගේම මට මගේ යාළුවෙක්ගෙන් සිදුනොවුන තරම් කළු පැල්ලමක් තියලා එයා මගෙන් ඈත් වුනා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් එයා මගේ මනුස්සකම එක්ක එහේ මෙහේ කියලා තිබ්බ කතාවන් එක්ක මම සෑහෙන්න දුක් වුනා. අඬලත් ඇති. තමන් කවුද කියලාවත් නොදන්න මේ මිනිස්සු ගැන ආදරෙන් හිතුවම එහෙම වෙනවා කියලා මම ඉගෙන ගත්තා එච්චරයි.
එයාට ලැජ්ජා හිතෙන්න ඇති ඒ ඔහු කියලා කියන්න. ලොකු මිනිස්සුනේ. (අනික අමාරුවෙන් ඈත් කරගන්න හදන මම වගේ කෙනෙක්. තමන් ගැන ඕවර් එස්ටිමේට් හිතන කොට එහෙම වෙනවානේ.) එයා නැති වුනාම කවුරුත් මට නෑ කියලා හිතන් ඉන්න හින්දා අවනම්බුවක් වෙන්න ඇති මට ඒ අයව හඳුන්වා දෙන්න.
ජීවිතේ ආපහු මුලට ගිහින් හැරෙන්න පුළුවන් නම් මේ වගේ වැරදි මම මට කරගන්න එකක් නෑ. කොහෙවත් ඉන්න මිනිස්කමක් දන්නේ නැති අය ළඟට අරන් ඒ මිනිස්සුන්ගේ මේ වගේ දෙයක්වත් දරාගන්න බැරි වෙලා අඬන මම වගේ මෝඩයෙක්. මටම ඔළුවට ගහගන්නවා ඇරෙන්න වෙන කලයුතු දෙයක් නෑ.
(image)

No comments:
Post a Comment