දරා ගන්න බැරි ප්‍රශ්න ආවම අවුල් වෙන එක මට අමුතු දෙයක් නෙමෙයි.
මේ දවස් ගෙවුනේ හරියට මගේ ජීවිතේ නෙවෙයි වගේ.
ඒත් හැමදාම එහෙම නෑ.හිටි ගමන් අපේ මූඩ් මාරු කරන්න පුළුවන් තරු තියෙනවා. පසුගිය කාලෙදි බොහොම අහම්බෙන් මට එහෙම තරුවක් දකින්න පුළුවන් වුනා. ඔව් ඒ නම් පණ තියෙන තරුවක්......
ඊයේ දවල් වරුවේ ආත්ම ගාණක් තිස්සේ බලාගෙන හිටපු කෝල් එකක් ආවා. වචන ගොඩාක් නාස්ති වුනේ නෑ. පාක් එකක අත් අල්ලගෙන ඇවිදගෙන යන්න වගේම ඩිනර් ඉන්වයිට් එකකුත්.
හවස් වෙලා වැඩ ඉවර වෙලා ගෙදර එන ගමන් මතක් වුනේ ගෙදර එනවට වඩා ඒ මොහොතේ විඳීම් එක්ක අතරමං වෙන්න මට හැකියාවක් ඇත්තේම නැද්ද කියලා. මටත් කලින් මගේ මොබයිල් එක ඉක්මන් වෙලා මම එන්නම් කියලා ටෙක්ස්ට් එකක් යනකොටම එහා පැත්තෙන් ආවේ පිළිතුරු ටෙක්ස්ට් එකක් නෙමෙයි. තරු දාහකටත් වඩා එහා ගියපු ආලෝකයක් එක්ක රිප්ලයි කෝල් එකක්.
අන්තිමට කෑම රස කෙසේ වෙතත් රසම රස කම්පැනී එකක් එක්ක වචන ගලාගෙන ගියා. එහෙ මෙහේ බැලීම් හුවමාරු වුනා. වචනෙන් වචනයට කියන දේවල් දෝංකාර දෙන්න පටන් ගත්තා. මට හිතන්න විතරයි තිබුනේ ඒ පමාවෙන් ඒවා ඉටු වුනා.
අන්තිමට කෑම කාලා ගෙදර එන්න වෙද්දි මට හිතුනේ එක්කෝ මේ මොහොත විඳින්න එහෙම නැත්නම් කවදාවත් නෑ කියලා. ඔහුගේ ආරාධනාව අහක දාන්න හැකියාවක් නැතිව මම උඩ බිම බැලුවා විතරමයි. මගේ යටි හිත එක්ක සටන් කරලා දින්න මට කවදාවත් බෑ, එක එල්ලේම ඇස් එක්ක ගණුදෙණු කරපු අපිට ඒකෙන් මිදෙන්න උවමනාවක් තිබුනේම නෑ,
බියර් කිහිපයක් එක්ක උඩම තට්ටුවක බැල්කනි එකක ඔහුත් එක්ක තනි වුනාමයි තේරුනේ කොයි තරම් දේවල් අපි විසින් බලෙන්ම අමතක කරනවද කියලා. ඒ හැඟීම ගෙනාව වෘක්ශ පත්‍ර හොයා ගත්තු එකාට පින් දෙන්නම ඕනේ. මට හිතන්න විතරයි තිබුනේ කලින් කීවා වගේම. හිතන පමාවෙන් මගේ ඩෙසයර්ස් ඉටු වෙලා... හරියටම හීනයක වගේ...
අපිට එලියේ රශ්නෙයි කියලා තේරුනේ පාන්දර දෙකට විතර. වෘක්ශ වන්දනාමාන කරන අය දන්නවා ඇතිනේ ඒ හැඟීම. එතකොට ආපහු සාලේ සෙටියට ඇවිත් ඒ සී එකත් ඕන් කරගෙන අපේ ගණුදෙණුව. පැය කීයක් ගෙවුනාද දන්නේ නෑ. ඒත් අපේ බැලුම් වලින් හැඟීම් වලින් ස්පර්ශ වලින් අපි අපේ වෙලා. හරියටම සුරංගනා කතාවක වගේ.
අන්තිමට මට මතක උදේට මොනවද බොන්නේ කියලා අහනවා විතරමයි. ඉන් එහාට අපි කතා කලේ ඇස් වලින් . (ඇස් වහගෙන ඔහුත් එක්ක එලිවෙනකල් කියවන්න දේවල් කොහෙන් ආවද මන්දා... )
කොහොමත් අපි නිදාගත්තේ නෑ. එහා පැත්තෙන් අපේ වගකීම් එක්ක තියෙන සැබෑ ජීවිතේ මතක් වෙලා දුකින් වුනත් ඔහුගෙන් ඈත් වෙලා නාන කාමරයට දිව්වේ පරක්කු වුනොත් අදවත් වැඩ ඉවර කරගන්න වෙන එකක් නෑ කියලා හිතලමයි.
ආපහු ඇඳට එන්න ආවේ තව මොහොතක්වත් ඒ හැඟීම දැනෙනවා නම් කියලා හිතාගෙනමයි...
මෙන්න ඇඳ උඩ කෝපි දෙකක්. එහා පැත්තෙන් ආදරෙන් මා දිහා බලා ඉන්න ජීවමාන ඔහු.... ගාණට සීනි එක්ක ආපු කෝපි එක හරියටම ඔහු මා ගැන කාලයක්ම දැනන් ඉඳලා වගේ....
ඔව් ඒක ආත්මගත බැදීමක් වෙන්න ඕනේ...

1 comment:
සිංහල සාහිත්‍යය මට ටිකක් තේරෙනවා අඩුයි... හිත කලබල නිසා වෙන්න ඇති... මුල ඉඳන් කියෙව්වා... අපූරුයි... ඊළඟ පෝස්ට් එකත් බලාපොරොත්තු වෙනවා...
Post a Comment